Saturday, May 7, 2011

මොකක්ද මේ Dual core,Quad core,i3,i5,i7 වල වෙනස

අපෙන් යාලුවො නිතරම අහන ප්‍රශ්ණයක් තමා මේක.හුඟ කාලෙකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි වුණු නිසා මම හිතුවා මේ ගැන පොඩ්ඩක් ලියන්න.අපි ඉතින් සුපුරුදු පරිදි සරළව සුගමව පටන් ගමු.
මේ ගැන අවබෝධයක් ලබා ගන්න නම් අපි දැනගන්න ඕනි processor 1ක්, core 1ක්, multi core processor 1ක් කියන්නෙ මොනවද කියලා.
හැමෝම දන්න පරිදි සරළවම කිව්වොත් processor 1ක් කියන්නේ පරිගනකයේ මෙහෙයුම පද්දතිය(OS) මගින් දෙනු ලබන විදාන ක්‍රියාවට නංවනු ලබන උපාංගයයි.
සම්මත සාමන්‍ය processor එකක තියෙන්නෙ core එකක් පමණයි.එවැනි single core ප්‍රොසෙසරයක එක වෙලාවකට එක instruction එකක් පමණයි run කළ හැක්කේ.multi core ප්‍රොසෙසරයක core 2ක් හෝ කීපයක් තියෙන්න පුලුවන්.මේ එක් එක් core එකට එකිනෙකින් ස්වායත්තව instructions run  කරවන්න පුලුවන්.  dual core,quad core,i3,i5,i7... කියන්නේ අන්න ඒ වගේ multi core processors වලට උදාහරණ.
Dual core processor 1ක core 2කුත්,
Quad core processor 1ක core 4කුත්,
i3 processor 1ක core 2කුත්,
i5 processr 1ක core 2ක් හෝ 4කුත්(model එක මත රඳා පවතී)
i7 processor 1ක core 2ක්,4ක් හෝ 6කුත්(model එක මත රඳා පවතී)
තියෙනවා.
සෛද්දාන්තික වශයෙන් dual core processor 1ක් single core processor 1ක් මෙන් දෙගුනයක් පමණ වේගවත් යයි කියනු ලබනවා.නමුත් ප්‍රායෝගික භාවිතයෙන් එය single core processor 1ක් මෙන් 1.5 ගුණයක් පමණ වේගවත් බවටයි පිලිගැනෙන්නේ.
වර්තමානයේ බොහෝ සමාගම් මෙවැනි multi core processor නිශ්පාදනයේ යෙදිලා ඉන්නේ එහි performance ගොඩක් වැඩි හින්දයි.මේ අතුරින් intel,AMD,ARM,Broadcom,VIA වගේ සමාගම් ගොඩක් ඉදිරියෙන්.

No comments:

Post a Comment