විහිළු කතා


ඔන්න මේක මේ ඊයේ පෙරේදා වුනු සීන් එකක් හරිද....වැඩි ටෝක්ස් නැතුව ඔන්න කෙලින්ම කතාවට බැස්සා.
සංගා පහුගිය ටිකේ සෑහෙන සිත් තැවුලෙන් තමා ඉඳලා තියෙන්නේ.ඒ මොකද ලෝක කුසලානේ හොදි නැතුවම කාපු නිසා.ශ්‍රී ලංකාවේ මහ ජනතාව සෑහෙන්න බලපොරොත්තු තියාගෙන හිටපු නිසා අපේ කොල්ලට පාරට බැසීමේ පොඩි අපහසුතාවක් තිබ්බා.ඔය අතර සංගගේ මුලුතැන්ගෙය පැත්තෙන් පොඩි දෙබසක් ඇහුනා.

සංගගේ බිරිඳ: සංගා,market එකට ගිහින් එලවලු ටිකක් ගේන්නකො...ගෙදර උයන්න මෙලෝ දෙයක් නෑ.
සංගා : පිස්සුද?වඳින්නම් ඕක විතරක් මට කියන්නෙපා.
බිරිඳ : අනේ ඇයි??? ඔයා වෙනදා යස අපූරුවට යන්නේ.
සංගා : මං කොහොමද අනේ පාරට බැහැලා යන්නේ?මිනිස්සු අහන ඒවට මොනවද කියන්නේ?
බිරිඳ : ඔයා බයවෙන්න එපා.ඔයා මගේ සාරියක් ඇඳගෙන මූණ වහගෙන යන්න අනේ.එතකොට කාටවත්ම ඔයා අඳුනන්න බෑ.

ගෑණුන් එක්ක තර්ක කරන්න පුලුවන් රටක්ද මේක.සංගා සාරියක් ඇඳගෙන එළවලු කූඩෙත් අරන් පාරට බැස්සා.ටික වෙලාවකින් market එකට ඇතුලු උනා."පිපිඤ්ඤා කිලෝ එකයි" සංගා ඇහෙන නෑහෙන ගානට වෙළෙන්දාට කිව්වා.වෙළෙන්දා එළවලු කිරන අතර කවුදෝ ලස්සන සාරියක් ඇඳගත්තු ගෑනු කෙනෙක් සංගා දිහා බලාගෙනම හිටියා.සංගාට ටිකක් දාඩියත් දැම්මා,තමන් අඳුනගත්තාවත්ද කියලා.ඒක නිසා මූණ පැත්තකට හරවගත්තෙ තමන්ගෙ ප්‍රිය බිරිඳට හිතින් පින් අනුමෝදන් කරන ගමන්.ඔය අතර තුර එම කාන්තාව සංගාට කිට්‍ටු කලා.

කාන්තාව : එක්ස්‍යුස් මී...ඔයා සංගක්කාර නේද?
සංගා : ආහ්හ්හ්...මේ මේ..ම්ම්....ඔව්.ඔයා කොහොමද දැනගත්තේ?මම සාරියක් ඇඳගෙනනේ හිටියේ.

(ඉතා පිවිතුරු සිනහවකින් සංග්‍රහ කල එම කාන්තාව)
"යකෝ මම දිල්ශාන්"

2 comments:

  1. ඈ බන්......
    මේක ඔරිජිනල් ආපු මේල් එකේ හිටියෙ මහේල නෙවැ. උඹට එනකොට ඒක දිල්ශාන් වෙලානෙ... :P
    අවුලක් නෑ.. වැඩේ එල :)

    ReplyDelete
  2. මොකද්ද බන්... මේකෙ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරල දාපන්කො

    ReplyDelete